කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික මලල ක්‍රීඩා උත්සවය

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වාර්ෂික මළල ක්‍රීඩා උත්සවය මාර්තු මස 17 සහ 18 දෙදින තුල මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
මෙම මළල ක්‍රීඩා උත්සවය සදහා උපාධි අපේක්ෂක නිළධාරීන් හා නිළධාරිණියන් 898 දෙනෙක් සහභාගී විණි. 1623 දෙනෙකුගෙන් යුත් අනේවාසික උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් මේ සදහා සහභාගී විණි.
මෙම මළල ක්‍රීඩා උත්සවය සදහා තරග වදින ක්‍රීඩිකාවන් ගැමුණු විජයබා වළගම්බා පැරකුම් මහසෙන් හා ගජබා වශයෙන් බළඝන 06 ක් යටතේ තරග වැදිණි.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වාර්ෂික මළල ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය නියෝජ්‍ය උපකුලපති (ආරක්ෂක හා පාලන) විශ්ව විද්‍යාලීය ක්‍රීඩා සංගමයේ සභාපති බ්‍රිගේඩියර් ඉඳුනිල් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
මළල ක්‍රීඩා උත්සවයේ සමාප්ති උත්සවයේ ප්‍රධාන අමුත්තා සහ ත්‍යාග ප්‍රදානය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් ජගත් රණසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ අතර දක්ෂිණ මණ්ඩපාධිපති බ්‍රිගේඩියර් අරුණ ආරියසිංහ නියෝජ්‍ය උපකුලපති ආරක්ෂක හා පාලන බ්‍රිගේඩියර් ඉඳුනිල් රණසිංහ, නියෝජ්‍ය උපකුලපති අධ්‍යයන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයන්ත ආරියරත්න, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිළධාරීන් අධ්‍යන කාර්ය මණ්ඩලය, විශේෂ ආරාධිත අමුත්තන්, දෙමව්පියන් ඇතුළු රැසක් සහභාගි විය.
දින දෙකක් පුරා මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පිටියේ පැවැති ජවන හා පිටිය මළල ක්‍රීඩා උත්සවයේදී නව තරග වාර්ථා 05 ක් බිහිවිය.
• මීටර් 3000 කාන්තා දුර දිවීම කෙඩෙට් නිළධාරිණි නෙතු ලිංකා
• මීටර් 100 කඩුළු මතින් දිවීම කාන්තා උපාධි අපේක්ෂිකා ඒ අයි නිලවීර
• මීටර් 400 කඩුළු මතින් දිවීම පිරිමි කෙඩෙට් නිළධාරී එච්එම්එච් සෙනරත්
• මීටර් 400 උපාධි අපේක්ෂක ඩබ්එස් ශානුක
• මීටර් 200 උපාධි අපේක්ෂක ඩබ්එස් ශානුක
2017 ජවන හා පිටිය මළල ක්‍රීඩා තරගාවලියේ ශුරතාවය ලකුණු 405 ක් හිමිකරගත් විජයබා බළඝනය විසින් දිනාගත් අතර පිළිවලින් ලකුණු 290 හිමිකරගත් මහසෙන් බළඝනය ලකුණු 225 බැගින් හිමිකරගත් වළගම්බා හා පැරකුම් බළඝනය දෙවන සහ තෙවන ස්ථාන හිමිකර ගන්නා ලදී.
තරගාවලියේ විශිෂ්ඨතම ජවන ක්‍රීඩිකාව වශයෙන් උපාධි අපේක්ෂිකා කේසිඩි පල්ලේවත්ත විසින් හිමිකරගත් අතර, විශිෂ්ඨතම ජවන ක්‍රීඩකයා උපාධි අපේක්ෂක ඩබ්එස් ශානුක වශයෙන් හිමිකරගත අතර තරගාවලියේ විශිෂ්ඨතම පිටියේ ක්‍රීඩකයා කෙඩෙට් නිළධාරී එම්කේ පෙරේරා විසින් හිමිකරගත් අතර, විශිෂ්ඨතම පිටියේ ක්‍රීඩිකාව වශයෙන් උපාධි අපේක්ෂක ඒඅයි නිළවීර විසින් හිමිකරගත් අතර මෙවර මළල ක්‍රීඩා තරගයේ දක්ෂතම ක්‍රීඩකයා වශයෙන් උපාධි අපේක්ෂක ඩබ්එස් ශානුක විසින් හිමිකර ගත් අතර දක්ෂතම ක්‍රීඩිකාව වශයෙන් උපාධි අපේක්ෂක ඒඅයි නිළවීර හිමිකර ගන්නා ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *