විධායක අධ්‍යක්ෂක ලෙස වැඩ බාර ගැනීම – ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය රෝහල ‍වේරහැර

පසුගිය මැයි මස 21 වන දින නිල වශයෙන් විවෘත කල වේරහැර බොරලැස්ගමුවේ පිහිටි ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය රෝහලෙහි විධායක අධ්‍යක්ෂක වශයෙන් ශ්‍රී ලංකා ශිකාමනී ජ්‍යෙෂ්ඨ විශේෂ්‍ය පිළිකා රෝග වෛද්‍ය ජයන්ත බලවර්ධන මහතා අද දින පෙරවරුවේ යෙදී තිබුණු සුභ මොහොතින් රාජකාරී ආරම්භ කරන ලදි.

මෙම උත්සවය සදහා විශ්වවිද්‍යාලයීය උපකුලපති රියර් අද්මිරාල් ජේ.ජේ රණසිංහ, නියෝජ්‍ය උපකුලපති (ආරක්ෂක හා පාලන) බ්‍රිගේඩියර් අයි.පී. රණසිංහ, නියෝජ්‍ය උපකුලපති (අධ්‍යයන) ජ්‍යෙෂ්ඨ විශේෂ්‍ය වෛද්‍ය ජයන්ත ආරියරත්න ඇතුළු පීඨාධිපතිවරුන් හා රෝහලේ කාර්ය මණ්ඩලය,  වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරු, ලේඛකාධිකාරී  ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් විශාල පිරිසක් ඊට සහභාගි විය.

නුදුරේදීම ජනතා අයිතියට පැවරීම සදහා කටයුතු කරනු ලබන වේරහැර පිහිටා ඇති ඇදන් 814 කින් සමන්විත අති නවින පහසුකම් රැසකින් යුතු ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය රෝහල එහි කාර්ය මණ්ඩලයේ සහය ඇතිව කණ්ඩායම් හැඟීමකින් යුතුව ශ්‍රි ලංකාවේ අති විශිෂ්ටතම රෝහලක් බවට පත් කිරීම තම අරමුණ බව අභිනවයෙන් වැඩ ඇරඹු රෝහලේ විධායක අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ විශේෂ්‍ය පිළිකා රෝග වෛද්‍ය ජයන්ත බලවර්ධන මහතා ප්‍රකාශ කලේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *