sl-5_940_300

දැක්ම

ත්‍රිවිධ සේවාවල, රාජ්‍ය අංශයෙහි සහ ගෝලීය විහිදුමක් සහිත සමස්ත සමාජයෙහි සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලන හමුදා වෛද්‍ය උපාධිධාරීන් බිහි කිරීමෙහිලා එහි ඇති අනුපම හැකියාව පිළිබඳ දේශීයව සහ ජාත්‍යන්තරව ප්‍රසිද්ධ වෛද්‍ය විද්‍යාලයක් බවට පත් වීම.

මෙහෙවර

පර්යේෂණ සහ යාවජීව අධ්‍යාපනය තුළින් පුළුල් ලෙස වෙනස්වන ක්ෂේත්‍ර හරහා ඉහළම ආචාරධර්ම සහ වෛද්‍ය සම්මතවල රෝගියා කේන්ද්‍රීය ප්‍රතිකාර ක්‍රමවල යෙදෙන වෛද්‍ය වෘත්තියෙහි නිපුණ පුරෝගාමීන් සූදානම් කිරීම.

උපාධි වැඩසටහනෙහි ස්වභාවය I වෛද්‍ය පීඨය I කොආවි

උපාධි වැඩසටහනෙහි කාලය අවම විෂයයන් 14ක් සමගින් වසර 5 කි. (සමාසික 10) විෂයයන් 14 වන්නේ: ව්‍යවච්ඡේදය, ජෛව රසායනය, භෞතවේදය, අණුක ජීව විද්‍යාව, පරපෝෂිතවේදය, ව්‍යාධිවේදය, ප්‍රජා වෛද්‍ය විද්‍යාව, ඖෂධවේදය, අධිකරණ වෛද්‍ය විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, ශල්‍ය වෛද්‍ය විද්‍යාව, ළමා චිකිත්සාව, ප්‍රසව සහ නාරිවේදය, මනෝ චිකිත්සාව

නම් වශයෙන් ප්‍රධාන විභාග 4 කි;

  • දෙවන MBBS – ව්‍යවච්ඡේදය, ජෛව රසායනය, භෞතවේදය
  • තෙවන MBBS 1 කොටස – අණුක ජීව විද්‍යාව, පරපෝෂිතවේදය
  • තෙවන MBBS 2 කොටස – ව්‍යාධිවේදය, ප්‍රජා වෛද්‍ය විද්‍යාව, ඖෂධ වේදය, අධිකරණ වෛද්‍ය විද්‍යාව
  • අවසන් MBBS – වෛද්‍ය විද්‍යාව, ශල්‍යවේදය, ළමා චිකිත්සාව, ප්‍රසව සහ නාරිවේදය, මනෝ චිකිත්සාව

සායනික පුහුණුව:

දෙවන MBBS සම්පූර්ණ කිරීමෙන් පසුව තෙවන වසරේදී සායනික පුහුණුව ඇරඹෙන අතර එය අවසන් වසර අවසානය තෙක් විහිදෙයි.

ආරම්භයේදී MMS සිය සායනික පුහුණුව පහත රෝහල්වලදී සෞඛ්‍ය අමාත්‍යාංශයෙහි ආධාර ඇතිව ආරම්භ කළ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් වෛද්‍ය සිසුන් පුහුණු කිරීම සඳහා අවශ්‍ය වන සියලු පහසුකම් සහිත ඇඳන් 1000කින් සමන්විත ශික්ෂණ රෝහලක් වේරහැර ස්ථාපනය කිරීමේ ක්‍රියාවලියෙහි කොආවි නිරතව සිටී.

තෝරා ගැනීමේ නිර්ණායක I වෛද්‍ය පීඨය I කොආවි

වෛද්‍ය විද්‍යාව සඳහා කෙඩෙට් නිලධාරීන් තෝරා ගැනීමේ නිර්ණායක

කොආවි සඳහා කෙඩෙට් නිලධාරීන් තෝරා ගැනීම අනෙකුත් විශ්වවිද්‍යාලවලට වඩා වෙනස්ය. එහි ප්‍රයත්නය වන්නේ ත්‍රිවිධ සේවාවල ඉල්ලුමට සරිලන ගුණාංග සහිත සමබර ශිෂ්‍යයන් බඳවා ගැනීමය. MMS සඳහා තෝරා ගැනීම අනෙකුත් උපාධි පාඨමාලා සඳහා කොආවි විසින් දක්වා ඇති බඳවා ගැනීම් නිර්ණායකවලට සමාන වන අතර අනෙකුත් වෛද්‍ය විද්‍යාල සඳහා අදාළ වන Z ලකුණු ත්‍රිවිධ හමුදාවලට අවශ්‍ය වන අමතර නිර්ණායක සමගින් අනුගමනය කෙරේ. අමතර නිර්ණායකවලට කායික ලක්ෂණ ඇතුළත්ය.

ගොඩනැගිලි සම්පූර්ණ වූ පසුව සහ කාර්ය සම්පාදන අවහිරතා ඉවත් කළ පසුව සමාන ස්ත්‍රී පුරුෂ අනුපාතයකින් බඳවා ගැනීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට අදහස් කෙරේ. පළමු පියවර වශයෙන් FOM/කොආවි 30 වන බඳවා ගැනීමෙහි කාන්තා කෙඩෙට් නිලධාරීන් බඳවා ගනු ඇත.

 

වැඩිවිස්තර සඳහා පිවිසෙන්න වෛද්‍ය පීඨ වෙබ් අඩවියට >>