ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමාගේ 120 දින ජන්ම සැමරුම

නිදහස් ශ්‍රී ලංකාවේ තෙවන අග්‍රාමාත්‍ය දිවංගත මහාමාන්‍ය ශ්‍රීමත් ජෝන් ලයනල් කොතලාවල ශ්‍රීමතානන්ගේ 120 වැනි ජන්ම දිනය අප්‍රේල් මස 04 වැනිදාට යෙදී තිබුණි.

පරහිතකාමී රාජතාන්ත්‍රිකයෙක් ලෙස ප්‍රකට කොතලාවල ශ්‍රීමතානන් වෙනුවෙන් පැවැත්වූ ගුණසමරු උත්සවයක් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේදී එදින යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

දිවංගත ජන නායකයාගේ ගුණානුස්මරණය කරමින් කොතලාවල පිළිරුව අභියස පුෂ්පොපහාරයක් යුදහමුදාපති, කුලපති, උපකුලපති හා පවුලේ ඥාතීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

මෙම ගුණසමරු උත්සවය සඳහා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය කුලපති අද්මිරාල් දයා සඳගිරි, උපකුලපති රියර් අද්මිරාල් ජගත් රණසිංහ, නියෝජ්‍ය උපකුලපති (ආරක්ෂක හා පාලන) බ්‍රිගේඩියර් ඉඳුනිල් රණසිංහ, නියෝජ්‍ය උපකුලපති (අධ්‍යයන) ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයන්ත ආරියරත්න, කොතලාවල ශ්‍රීමතානන්ගේ පවුලේ සමීප ඥාතීන්, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය, කෙඩෙට් නිලධාරින්, අනේවාසික සිසුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *