“Logistics Day – 2017” අධ්‍යාපනික සැසිය

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය කළමණාකරන, සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයෙහි කළමනාකරණ හා මුල්‍ය දෙපාර්තමේන්තුව සංවිධානය කළ “Logistics Day – 2017” අධ්‍යාපනික සැසිය ක්ෂේත්‍රයේ විද්වතුන්, ආයතනික ප්‍රධානීන්, විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන්, යුධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් රේණක උඩවත්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2017 අප්‍රේල් මස 28 වන සිකුරාදා 1330 පැයට පශ්චාත් අධ්‍යයන පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය නියෝජ්‍ය උපකුලපති (ආරක්ෂක හා පාලන) බ්‍රිගේඩියර් ඉදුනිල් රණසිංහ‚ නියෝජ්‍ය උපකුලපති (අධ්‍යයන) ජේෂ්ඨ මහාචාර්ය ජයන්ත ආරියරත්න‚ පීඨාධිපතිවරුන්‚ අධ්‍යයන කාර්ය මණ්ඩලය හා උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගිවූහ.

මෙවර අධ්‍යයන සැසියේ තේමාව විද්‍යුත් සැපයුම් කළමනාකරණය කෙරෙහි ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම යන්නයි.

භට කාර්ය සම්පාදන උපාධි පාඨමාලාව හා කළමණාකරන හා තාක්‍ෂණික විද්‍යා උපාධි පාඨමාලා හදාරන පාඨමාලා අංක 32 ට අයත් සිසුහු මෙම අධ්‍යාපනික සැසිය සංවිධානය කළහ.

තත් උපාධි පාඨමාලා සම්බන්ධයෙන් කර්මාන්ත ප්‍රජාව දැනුවත් කිරීම හා රැකියා වෙළඳපොළ සඳහා පිවිසීමට විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන් හා කර්මාන්ත ප්‍රජාව අතර සහසම්බන්ධතාවයක් ගොඩනැගීම මෙහි මුඛ්‍ය පරමාර්ථ විය. න්‍යායාත්මක ලබන දැනුම ප්‍රයෝගික භාවිතය තුළ වඩා ඔපවත් කර ගැනීමට අධ්‍යයන අවකාශ සැලසීමටද මින් අපේක්ෂා කෙරුණි.

මෙම අධ්‍යාපන සැසියට සමගාමිව විද්වත් දේශන, ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන්, රචනා තරඟ හා විශේෂාංග විශ්වවිද්‍යාලීය විද්‍යාර්ථීන් ඉදිරිපත් කරන විනොදාස්වාදයෙන් පිරුණු ප්‍රාසාංගික වැඩසටහන්ද සංවිධානය වි තිබුණි. මෙම අධ්‍යාපන සැසියේ ප්‍රධාන දේශනය ලංකා හර්නස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි රොහාන් පල්ලෙවත්ත මහතා හා DHL සමාගමේ ප්‍රධාන විකුණුම් හා අලෙවි විධායක අහමඩ් උර්- රහමන් මහතා විසින් පැවැත්වුහ.

ක්ෂේත්‍රයේ ඉහල විද්වතුන්ගේ හා වෘත්තීකයන්ගේ අදහස් හා විශේෂඥ දැනුම ඇසුරින් සම්පාදනය වු Logistics Times සඟරාව එදීනට එළිදැක්වුණි.