uni

 

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (කොආවි) 1981 අංක 68 දරන පාර්ලිමේන්තු පනතින් පළමුව ස්ථාපනය කරන ලද්දේ ‘ජෙනරාල් ශ්‍රීමත් ජෝන්‍ කොතලාවල ආරක්ෂක අභ්‍යාස ආයතනය’ වශයෙන් වන අතර පසුව එය 1988 අංක 27 දරන සංශෝධන පනතින් විශ්වවිද්‍යාල තත්ත්වයට උසස් කරන ලද්දේ එයට ආරක්ෂක අධ්‍යයනය පිළිබඳව ප්‍රථම උපාධි සහ පශ්චාත් උපාධි පිරිනැමීමේ හැකියාව ලබා දෙමිනි.

කොආවි පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාල සංගමයේ (එක්සත් රාජධානිය) සාමාජිකයෙකු වන අතර නූතන ආරක්ෂක කළමනාකරණයේ අභියෝග ජය ගැනීමට කැඩෙට් නිලධාරීන්ට අධ්‍යාපනය ලබා දීම සහ සූදානම් කිරීම සඳහා අවශ්‍ය ප්‍රමිති පවත්වා ගනියි.

කොආවි දැන් ඉංජිනේරු, නීති, කළමනාකරණ, සමාජ විද්‍යාව සහ IT යන විෂය ක්ෂේත්‍රවලින් ඔවුන්ගේ උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වීමට අදහස් කරන ශිෂ්‍යයන් සඳහා ද විවෘතව ඇත.

කීර්තිමත් විශ්වවිද්‍යාලවල/ආයතනවල සුවිශේෂී කාර්ය සාධනයක් සහිත නිලධාරීන්ට ඔවුන් අයත් වන සේවාවේ අවශ්‍යතා සමග අනුකූලව පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු කරගෙන යාමට හැකිය. සිවිල් වෘත්තිකයන්ටද ඔවුන්ගේ අභිවෘද්ධිය තකා පශ්චාත් පශ්චාත් උපාධි අධ්‍යයනවල යෙදීමට සහ ඔවුන්ගේ අදාළ විශේෂඥ බව සහිත ක්ෂේත්‍රවල පශ්චාත් උපාධි හැදෑරීමට හැකිය.