sl-5_960_400

සාදරයෙන් පිළිගනිමු

ඉංජිනේරු පීඨය, 2009 දී ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද එකම ජාතික හමුදා අධ්‍යාපනික ඉංජිනේරු ආයතනයයි. පීඨය අධ්‍යයනාංශ හයක් යටතේ ත්‍රිවිධ සේවා නිලධාරීන්, කෙඩෙට් නිලධාරීන් සහ සිවිල් ශිෂ්‍යයන් සදහා ශික්ෂණ නවයකින් උපාධි අපේක්ෂක සහ පශ්චාත් උපාධි වැඩසටහන් පිරිනමයි. එම අධ්‍යයනාංශ හය වන්නේ යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යයනාංශය, සිවිල් ඉංජිනේරු අධ්‍යයනාංශය, විදුලි, විද්‍යුත් සහ විදුලි සන්නිවේදන අධ්‍යයනාංශය, ගගනයාත්‍රික ඉංජිනේරු අධ්‍යයනාංශය, නාවික ඉංජිනේරු සහ විද්‍යා අධ්‍යයනාංශය සහ ගණිත අධ්‍යයනාංශයයි. ඉංජිනේරු පාඨමාලා මනා පළපුරුද්දක් ඇති අධ්‍යයන සහ ඉංජිනේරු වෘත්තිකයන් විසින් පවත්වනු ලැබේ. වඩාත්ම අසීරු තත්ත්ව යටතේ සංකීර්ණ කාර්යයන් ඉටු කිරීමේ හැකියාව සහිත මනා ශික්ෂණයකින් යුතු උපාධිධාරීන් බිහි කිරීම සදහා වන විශ්වවිද්‍යාල ප්‍රයත්නයට පීඨය සහාය දක්වයි.


ගගනයාත්‍රික ඉංජිනේරු අධ්‍යයනාංශයට සාදරයෙන් පිළිගනිමු

ගගනයාත්‍රික ඉංජිනේරු අධ්‍යයනාංශයට සාදරයෙන් පිළිගනිමු. අපි ගගනයාත්‍රික අධ්‍යයන සදහා පහසුකම් සැපයීමට වගකියමු. අධ්‍යයනාංශය වැඩසටහනේ තෙවන වසර තුළ ගගනයාත්‍රික ඉංජිනේරු විෂයයට අදාළව බහුතරයක් දේශන පවත්වයි. දේශන අධ්‍යයනාංශ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් විසින් පවත්වනු ලැබේ. ඉංජිනේරු වැඩසටහන් විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික, නාවික සහ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු අධ්‍යයනාංශවල සහාය සමගින් පවත්වනු ලැබේ. අධ්‍යයනාංශයට ගගනයාත්‍රික ඉංජිනේරු විද්‍යාගාරයක පහසුකම් ඇත. එය අදාළ විෂයයන් පිළිබදව ශිෂ්‍යයන්ට එහිදී ප්‍රායෝගික පුහුණුව සපයන Cessna 337 ගුවන් යානයක්, SF – 260 W ගුවන් යානා තුනක්, IA – 58 Pukara ගුවන් යානයක්, Bell 212 හෙලිකොප්ටරයක ක්‍රියාකාරී ආදර්ශයක්, ටර්බයින් සහ පිස්ටන ගුවන් යානා එන්ජින්වලින් සහ ගුවන් යානා උපාංග පෙළකින් සමන්විතය. ප්‍රායෝගික සැසි සහ වැඩමුළු කොආවි ගගනයාත්‍රික ඉංජිනේරු විද්‍යාගාරයේදී සහ SLAF හි ඉංජිනේරු අංගන සහ පියාසර ස්ථානයේදී පුහුණු සැසි සහ වැඩමුළු පැවැත්වේ.

ගගනයාත්‍රික ඉංජිනේරු අධ්‍යයනාංශය පළමු වරට 1993 දී ශාස්ත්‍රීය අධ්‍යයන අධ්‍යක්ෂ යටතේ කොආවි තුළ වෙනම අධ්‍යයනාංශයක් ලෙස ස්ථාපිත කරන ලදී. එය පිහිටුවීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තාක්ෂණ ඉංජිනේරු ශාඛාවට බඳවා ගන්නා ලද සියලු ශිෂ්‍යයන්ට යාන්ත්‍රික ඉංජිනේරු පසුබිමක් මත පදනම්ව ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ උපාධි පිරිනමන ලදී. ජාතියේ අවශ්‍යතා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුළ භාවිත වන තාක්ෂණ මත පදනම්ව, දක්ෂ ගගනයාත්‍රික ඉංජිනේරු පසුබිමක් සහිත කුසලතා පූර්ණ නිලධාරීන් බිහි කරන අධ්‍යාපනික ආයතනයක් පිහිටු වීමේ අවශ්‍යතාව ඇති විය. ඒ අනුව අභ්‍යාස ආයතනය රටේ ගගනයාත්‍රික ඉංජිනේරු ශිල්පය පිළිබද උපාධි වැඩසටහන් පිරිනමන එකම රජයේ ආයතනය බවට පත් විය. මෙය අද දින දක්වා අභ්‍යාස ආයතනය විශ්වවිද්‍යාලයක් බවට පත් වන තෙක් එලෙසම පැවතිණි. අධ්‍යයනාංශයේ පළමු ශිෂ්‍ය කණ්ඩායම වුයේ බඳවා ගැනීම් 11 හි ගගන යාත්‍රික ඉංජිනේරු ශිෂ්‍යයන්ය. 1995 දී කෙඩෙට් නිලධාරීන් හතර දෙනෙකුගෙන් සමන්විත කාන්තා කෙඩෙට් නිලධාරී කණ්ඩායම කොආවි සදහා බඳවා ගන්නා ලද අතර ඔවුන් සිය උපාධිය ගගනයාත්‍රික ඉංජිනේරු අධ්‍යයනාංශය යටතේ සම්පූර්ණ කළේය. එතැන් සිට, අධ්‍යයනාංශය ශ්‍රී ලංකා ගුවන් හමුදාව සදහා කුසලතා පූර්ණ ගගනයාත්‍රික ඉංජිනේරුවරුන් ලෙස පිරිමි සහ කාන්තා යන නිලධාරීන් දෙවර්ගයම බිහි කළේය.

2011 දී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ තත්ත්ව ආරක්ෂණ මණ්ඩලය විසින් එය පිළිගැනීමට ලක් වීමත් සමග අධ්‍යයනාංශය එහි ඉතිහාසයේ කඩඉමක් සනිටුහන් කළේය. විශ්වවිද්‍යාලය තුළ සිදුව ඇති අඛණ්ඩ පුළුල් කිරීම් සමගින් 2011 දී ඉංජිනේරු පීඨය පිහිටුවන ලද අතර, අධ්‍යයනාංශය දැනට ඉංජිනේරු පීඨය යටතේ කටයුතු කරයි. 2013 දී, ශිෂ්‍යයන් 18 දෙනෙකුගෙන් සමන්විත පළමු දෛනික ශිෂ්‍ය කණ්ඩායම ඇතුළු කර ගැනීමත් සමග අධ්‍යයනාංශයේ දොරටු සිවිල් ශිෂ්‍යයන් සදහා ද විවෘත විය. මෙය ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයෙ අධ්‍යාපනික සහ ගුවන් මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ ජාතික ප්‍රතිපත්තිය සමග සමගාමී විය. අධ්‍යයනාංශය සිසුන් සදහා ප්‍රායෝගික සැසි පැවැත්වීමට කැප වූ ගගනයාත්‍රික ඉංජිනේරු පද්ධතිවලින් සමන්විතය. අධ්‍යයනාංශය සම්පත්දායක වෘත්තිකයන්, වෙනත් පහසුකම් සහ අධ්‍යයනාංශය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුළ උපකරණ සමගින් ගුණාත්මක අධ්‍යාපනයක් සැපයීම අඛණ්ඩව කරගෙන යයි. 2012 පසු භාගයේදී, ගගනයාත්‍රික ඉංජිනේරු පද්ධති විද්‍යාගාරය ඉහළ ප්‍රමිතිවලට ඉහළ නංවන ලද අතර, කොආවි පුස්තකාලය සදහා රුපියල් මිලියන 2ක් වටිනා ගගනයාත්‍රික ඉංජිනේරු ශිල්පය හා සම්බන්ධ පොත් මිලට ගන්නා ලදී. 2013 දී ගුවන් යානා නඩත්තු ඉංජිනේරුවන් සදහා තවත් උපාධි වැඩසටහනක් ආරම්භ කරන ලද අතර, එයින් ගුවන් කර්මාන්තයේ ඉල්ලුම තුළ වඩා පුළුල් විෂය පථයක් ආවරණය කෙරේ.

අධ්‍යයනාංශයේ දැක්ම

ජාතියේ ආරක්ෂාව සහ සංවර්ධනය තුළ වඩා ඉහළ වගකීමකට උර දීමට ශිෂ්‍යයන්ට දැනුම ලබා ගැනීම සහ ඔවුන්ව බලගැන්වීම සදහා සාරධර්ම මත පදනම් වේදිකාවක් සැපයීමට මුද්‍රාව සහිත ගගනයාත්‍රික ඉංජිනේරු අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය මූලාශ්‍රයක් බවට පත් වීම.

අධ්‍යයනාංශයේ මෙහෙවර

කාලයට සහ තාක්ෂණයට අනුරූපව, ගුණාත්මක අධ්‍යාපනය සැපයීමෙන් ගගනයාත්‍රික ඉංජිනේරු අධ්‍යාපනය සහ පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගගනයාත්‍රික ඉංජිනේරුවරුන් ලෙස ඔවුන්ගේ පසුකාලීන රාජකාරි සහ වගකීම් සඳහා තාක්ෂණිකව මනා ලෙස සූදානම් වූ උපාධිධාරීන් බිහි කිරීම‍.

සිවිල් ඉංජිනේරු අධ්‍යයනාංශය වෙත සාද‍රයෙන් පිළිගනිමු.

සිවිල් ඉංජිනේරු අධ්‍යයනාංශය වර්තමානයේ දී සිවිල් ඉංජිනේරු ශිල්පය පිළිබඳ විශේෂීකරණය වූ විද්‍යාවේදී ඉංජිනේරු ගෞරව උපාධි වැඩසටහන පවත්වයි. මීට පෙර උපාධි වැඩසටහන විද්‍යාවේදී (ආරක්ෂක අධ්‍යයන) ලෙස පවත්වන ලද අතර ත්‍රිවිධ හමුදාවේ කෙඩෙට් නිලධාරීන් සඳහා පමණක් පැවැත්වීය. මෑතක දී වෙනස් වන කර්මාන්ත අවශ්‍යතා ඉටු කිරීම සඳහා පාඨමාලාව නැවත සකස් කරන ලද අතර පීඨ කර්මාන්ත උපදේශක මණ්ඩලයේ නිර්දේශ අනුව විෂයමාලාව වෙනස් කරන ලදී. තිරසාර සැලසුම් නිර්මාණ හා ඉදි කිරීම්, දුරස්ථ සංවේදනය හා ගුවන් ඡායාරූපකරණය, භූගෝලීය තොරතුරු පද්ධති (GIS) හා සිතියම්කරණය, සිවිල් ඉංජිනේරු ශිල්පයේ ‍වාස්තුවිද්‍යා අංශ, වෘත්තීය ආචාරධර්ම, ගොඩනැගිලි සේවා ඉංජිනේරු ශිල්පය, පාලම් ඉංජිනේරු ශිල්පය වැනි නවීන සිවිල් ඉංජිනේරු ව්‍යවහාර පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන නව ක්ෂේත්‍ර කීපයක්ම විස්තීරණ නිර්මාණ සැලසුම් ව්‍යාපෘතිය (CPD) ලෙස එක් කර ඇත. මෑතක දී අධ්‍යයනාංශය මානව හා භෞතික සම්පත් යන අංශ දෙකෙන්ම කැපී පෙනෙන ව්‍යාප්තියකට භාජනය වී ඇත. දේශය හා විදේශීය ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ දෛනික ශිෂ්‍යයින් ඇතුළත් කර ගැනීම තුළින් ශිෂ්‍ය බඳවා ගැනීම ද පුළුල් වී ඇත.

මෙහෙවර

 සාමාජයීය, පාරිසරික හා තිරසාර සාධක කෙ‍රෙහි නිසි අවධානය යොමු කරමින් ත්‍රිවිධ හමුදාවල/ කර්මාන්තයේ/ ව්‍යවසායකත්වයේ ඇති විවිධාකර අභියෝගවලට මුහුණ දිය හැකි විවිධ විෂය පරිසරයන්ට  ගැළපෙන සිවිල් ඉංජිනේරු කුසලතා සහිත උපාධිධාරීන් බිහි කිරීම.

වැඩසටහනේ විස්තරය

පාඨමාලාවේ නම          : ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය

කෙටි නම                     : B.Sc. Eng.

විශේෂීකරණ ක්ෂේත්‍රය: සිවිල් ඉංජිනේරු ශිල්පය

ඉගැන්වීමේ මාධ්‍යය: ඉංග්‍රීසි

උපාධි වැඩසටහනේ පාඨමාලා කාලය වසර 4ක් (සෙමෙස්තර අටක්) වන අතර විශේෂයෙන්ම කෙඩෙට් නිලධාරීන් වෙනුවෙන් හමුදා පුහුණුව සඳහා අතිරේක මාස හයක කාලයක් වෙන් කර ඇත. ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයින් පළමුවැනි ‍සෙමෙස්තරය අවසානයේ දී ඔවුන්ගේ විශේෂීකරණ ක්ෂේත්‍රය තෝරා ගනී. වර්තමානයේ දී අධ්‍යයනාංශය පහත දැක්වෙන කාණ්ඩවලට අයත් වන ශිෂ්‍යයින් සඳහා පහසුකම් සලසයි:

  • සන්නද්ධ හමුදාවලට නිත්‍ය වශයෙන් බඳවා ගන්නා කෙඩෙට් නිලධාරීන්
  • අධිකාරි ලත් නිලධාරීන්
  • ගාස්තු ගෙවීමේ පදනම මත ස්වේච්ඡා බලකායේ කෙඩෙට් නිලධාරීන්
  • ගාස්තු ගෙවීමේ පදනම මත දෛනික ශිෂ්‍යයින් ලෙස පීඨයට ඇතුළත් කර ගත් ශිෂ්‍යයින්

විදුලි විද්‍යුත් සහ විදුලි සංදේශ අධ්‍යයනාංශය වෙත සාද‍රයෙන් පිළිගනිමු

විදුලි විද්‍යුත් සහ විදුලි සංදේශ ඉංජිනේරු අධ්‍යයනාංශය වර්තමානයේ දී විදුලි සහ විද්‍යුත් ඉංජිනේරු ශිල්පය පිළිබඳ විද්‍යාවේදී ඉංජිනේරු උපාධිය, විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ඉංජිනේරු උපාධිය සහ ජෛව-වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ඉංජිනේරු උපාධිය ලෙස උපාධි අපේක්ෂක උපාධි වැඩසටහන් තුනක් පවත්වයි. වැඩසටහන් තුනම වසර හතරහමාරක කාලපරිච්ඡේදයක් සඳහා වේ.

පාඨමාලා

විදුලි, විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු අධ්‍යයනාංශය විශ්වවිද්‍යාලයේ පැරණිම අධ්‍යයනාංශ අතුරින් එකක් වන අතර එය පහත දැක්වෙන ප්‍රධාන උපාධි වැඩසටහන් තුන පවත්වයි:

  • විදුලි සහ විද්‍යුත් ඉංජිනේරු විද්‍යාව
  • විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු විද්‍යාව
  • ජෛව-වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව (සමසෞඛ්‍ය විද්‍යා පීඨය සමඟ එක්ව ඒකාබද්ධ උපාධි වැඩසටහනක් ලෙස පිරිනමයි)

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික ඉංජිනේරුවන් සඳහා වූ ඉල්ලුම සපුරාලීම සඳහා 1991 වස‍රේ දී පිහිටුවන ලද කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නාවික ඉංජිනේරු විද්‍යා අධ්‍යයනාංශය ශ්‍රී ලංකාවේ නාවික ඉංජිනේරු විද්‍යාවේ ප්‍රමුඛතම ආයතනය වේ. ඉතා අත්‍යවශ්‍ය නාවික ඉංජිනේරු දැනුම සැපයීම තුළින් ශ්‍රී ලංකා නාවික හමුදාව ශක්තිමත් කරමින් අධ්‍යයනාංශය සිය මෙහෙවර ඉටු කිරීමට කැපවී සිටී. මේ වන විට අධ්‍යයනාංශය ශ්‍රී ලංකා නාවික හමුදාවට නාවික ඉංජිනේරුවන් 125කට වඩා වැඩි සංඛ්‍යාවක් බිහි කර ඇති අතර ඔවුන්ගෙන් බොහොමයක් ඉතා ඉහළ තනතුරු ලබා ගැනීමට සමත් වී ඇත. අද වන විට අධ්‍යයනාංශය, නාවික ඉංජිනේරු විද්‍යාවේ නවීන අවශ්‍යතා හා ඉල්ලුම සලකා බලමින් මෑතක දී සංශෝධනය කරන ලද විෂයමාලාවක් ක්‍රියාත්මක කරමින් ඇත.

යටිතලපහසුකම් සම්බන්ධයෙන් සැලකීමේ දී, අධ්‍යයනාංශය ප්‍රායෝගික සැසි හා ශිෂ්‍ය ව්‍යාපෘති සඳහා අවශ්‍ය කරන විද්‍යාගාර හා වැඩපොළ පහසුකම්වලින් යුක්තය. තව ද, අධ්‍යයනාංශය කර්මාන්තයේ ප්‍රමුඛයින් සමඟ එක්ව සිය ශිෂ්‍යයින් ‍ගෝලීය නාවික ප්‍රජාව තුළ කැපී පෙනෙන චරිත බවට පත් කිරීමේ අභිලාෂය ඇතිව ඔවුන්ට සාමූහික හා තනි පුද්ගල මාර්ගෝපදේශය සහතික කරයි. එබැවින් ගෝලීය වශයෙන් ඉහළ ඉල්ලුමක් ඇති නාවික ඉංජිනේරු උපාධියක් ලබා ගැනීම සඳහා රටේ මෙන්ම කලාපයේ සුදුසුකම් ලත් තරුණ ප්‍රජාවට මාර්ගය විවෘතව ඇත.

මෙහෙවර…………..

අපි අධ්‍යයන ක්‍රියාකාරකම්වලට අනුකූලව නවෝත්පාදන නිපැයුම් ගොඩනගන අතරතුර නාවික ඉංජිනේරු විද්‍යා ක්ෂේත්‍රය තුළ උසස් අධ්‍යාපනයක් සැපයීමට අපේක්ෂා කරන්නෙමු. අපි නාවික ඉංජිනේරු ක්ෂේත්‍රයේ ආශ්‍රිත ආයතන සමඟ සම්බන්ධතා ගොඩනඟා ගැනීමට කැමැත්තෙමු.

උපාධි වැඩසටහන

වසර හතරක නාවික ඉංජිනේරු විද්‍යා උපාධි වැඩසටහන තුළින් නිපුණතා සහිත ඉංජිනේරුවෙක් බිහි කිරීම සඳහා සමස්ත දැනුමක් ලබා දෙන අතරතුර නෞකාවක් පවත්වාගෙන යාමට උපකාරී වන ක්‍රමවේද පිළිබඳ මනා දැනුමක් ද ලබා දීමට ඉලක්ක කර ඇත. නෞකාවක අභ්‍යන්තර පද්ධති ආශ්‍රිත විවිධ මාතෘකා මෙන්ම නෞකා නිර්මාණ සැලසුම්, නිෂ්පාදනය හා ‍ක්‍රියාකාරීත්වය ද මෙයට ඇතුළත් වේ. නෞකාවක අභ්‍යන්තර පද්ධති නාවික ඉංජිනේරු දැනුම ආශ්‍රිත මාතෘකා සහ ප්‍රායෝගික සැසි හරහා ද නෞකා නිර්මාණ සැලසුම්, නිෂ්පාදනය හා ‍ක්‍රියාකාරීත්වය මූලික හා උසස් නාවික වාස්තු විද්‍යා මාතෘකා සහ එම ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනත් විෂයන් රාශියක් හරහා ද ආවරණය කරනු ලැබේ. විවිධ විද්‍යාත්මක, තොරතුරු තාක්ෂණ, උසස් ගණිතය, කළමනාකරණය හා ගිණුම්කරණ විෂයයන් හරහා ඉංජිනේරුවෙක් සඳහා අවශ්‍ය සමස්ත දැනුම ලබා දෙන අතර නාවික කර්මාන්තය තුළ මාස හයක කර්මාන්ත පුහුණුව ශිෂ්‍යයින්ගේ ප්‍රායෝගික දැනුම වර්ධනය කිරීමට උපකාර වේ.

යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යයනාංශය වෙත සාද‍රයෙන් පිළිගනිමු.

යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යයනාංශය, යාන්ත්‍රික ඉංජිනේරු සහ යාන්ත්‍රිකවිද්‍යුත් ඉංජිනේරු නම් වූ විශේෂීකරණය වූ විද්‍යාවේදී ඉංජිනේරු උපාධි දෙකක් පිරිනමන අතර ඉතා පුළුල් පරාසයක අත්දැකීම් සහිත ඉහළ සුදුසුකම් ඇති කථිකාචාර්ය මණ්ඩලය ඉංජිනේරු අධ්‍යයනාංශය තුළ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර ඔවුන්ගේ අධ්‍යයන පසුබිම, ශික්ෂණ අත්දැකීම්, පර්යේෂණ හැකියා හා කර්මාන්ත නිරාවරණය අධ්‍යයන අංශයේ සමස්ත කාර්යසාධනයට විශාල දායකත්වයක් සපයයි. තාපගතික විද්‍යාව, ව්‍යවහාරික යාන්ත්‍රික විද්‍යාව සහ පාලන ඉංජිනේරු විද්‍යාව හා ද්‍රව්‍ය පරීක්ෂාව ආදී විෂයන් සම්බන්ධයෙන් දියුණු උපකරණවලින් සැදුම්ලත් විද්‍යාගාර ඇත. අධ්‍යයනාංශය ඉතා හොඳින් සැලසුම් කරන ලද සිය විෂයමාලාවක් ක්‍රියාත්මක කරන අතර දේශන වැඩසටහන් හා ප්‍රායෝගික සැසිවලට අමතරව ශිෂ්‍යයින්ගේ දැනුම වැඩිදියුණු කිරීම සඳහා ඉඩප්‍රස්ථා ලබා දීමට අධ්‍යයනාංශය කර්මාන්ත සංචාර හා ආරාධිත දේශනද සංවිධානය කරයි.

කෙඩෙට් නිලධාරීන් විශ්වවිද්‍යාලය තුළ ගත කරන කාලයෙන් 75%ක් අධ්‍යයන කටයුතු සඳහා ද 25%ක් හමුදා අධ්‍යයන සඳහා ද කැප කරනු ලැබේ. උපාධි වැඩසටහනේ හත්වැනි හා අටවැනි සෙමෙස්තරවල දී කෙඩෙට් නිලධාරීන් උසස් හමුදා පුහුණුව සඳහා ඔවුන්ගේ හමුදා විද්‍යාලවලට යවනු ලබන අතර උඵාධි වැඩසටහනේ අටවැනි හා නමවැනි සෙමෙස්තර කර්මාන්ත පුහුණුව සඳහා වෙන් කර ඇත. යුධ, නාවික හා ගුවන් හමුදාවලට අයත් කෙඩෙට් නිලධාරීන් දියතලාවේ ශ්‍රී ලංකා යුධහමුදා විද්‍යාලයේ දී, ත්‍රිකූණාමලයේ නාවික හා සමුද්‍රීය විද්‍යාලයේ දී සහ චීන වරායේ ශ්‍රී ලංකා ගුවන් හමුදා පුහුණු පාසැලේ දී ඔවුන්ගේ උසස් යුධහමුදා පුහුණුව ලබයි.

පාඨමාලා විස්තරය

උපාධිධාරීන් නිපුණතා සහිත දක්ෂ යාන්ත්‍රිකවිද්‍යුත් ඉංජිනේරුවන් බවට පත් වීම සඳහා සූදානම් කිරීමට සමත් වන යාන්ත්‍රික, විද්‍යුත්, පාලන පද්ධති සංකලනය කරනු ලබන යාන්ත්‍රිකවිද්‍යුත් පද්ධති ඉංජිනේරු විද්‍යා නිර්මාණ සැලසුම්වල සංකල්ප පිළිබඳව දැනුවත් කිරීම ‍වසර හතරක උපාධි අපේක්ෂක වැඩසටහනේ පරමාර්ථය වේ.

 පරමාර්ථ

  • උපාධිධාරීන් යන්ත්‍රිකවිද්‍යුත් පද්ධති පිළිබඳ විශේෂ දැනුම ඇතුළු විස්තීරණ ඉංජිනේරු අධ්‍යාපනයක් ලබා ගන්නා බවට සහතික කිරීම.
  • ශිෂ්‍යයින්ට ඉංජිනේරු ගැටලු විසඳීම සඳහා වඩාත්ම සුදුසු තාක්ෂණික මුසුව තර්කානුකූලව තෝරා ගත හැකි වන පරිදි යාන්ත්‍රික ඉංජිනේරු පද්ධති මූලධර්ම පිළිබඳ විස්තරාත්මක අවබෝධයක් ලබා දීම.
  • ඉංජිනේරු ක්ෂේත්‍රය තුළ පුළුල් සරාසයක විෂයන් සඳහා ඇතුළු වීමට ඉඩකඩ සලසා දෙමින් යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව, විදුලි ඉංජිනේරු විද්‍යාව, ඉලෙක්ට්‍රොනික විද්‍යාව, පාලන ඉංජිනේරු විද්‍යාව හා නිර්මාණ සැලසුම් යනාදිය ඇතුළත් වන යාන්ත්‍රිකවිද්‍යුත් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පුළුල් පදනමක් පාදක අධ්‍යාපනයක් ලබා දීම.
  • යාන්ත්‍රික ඉංජිනේරු, විදුලි ඉංජිනේරු, විද්‍යුත් හා පාලන ඉංජිනේරු මූලධර්ම අදාළ කර ගැනීමෙන් සංකීර්ණ ගැටලු විසඳීම සඳහා වූ කර්මාන්ත ඉල්ලුම සපුරාලිය හැකි උපාධිධාරීන් බිහි කිරීම.

ඉගෙනුම් ප්‍රතිඵල

  • ඉංජිනේරු විද්‍යාත්මක සිදුවීම් ආදර්ශනය හා විශ්ලේෂණය සඳහා යෝග්‍ය ගණිත ක්‍රමවේද හා ඉංජිනේරු විද්‍යා මූලධර්ම යොදා ගැනීම.
  • දැනට පවතින ඉංජිනේරු පද්ධති විශ්ලේෂණය කිරීම හා මුලාශ්‍ර පරාසයකින් ලබා ගත් අදහස් සංකලනය හරහා නව පද්ධති නිර්මාණය කිරීම.
  • කර්මාන්ත අවශ්‍යතා සඳහා නිසි සැලකිල්ලක් දක්වමින් කාර්මික ස්වයංක්‍රීයකරණය, නිෂ්පාදනය, පර්යේෂණ හා සංවර්ධනය යන ක්ෂේත්‍රවල යාන්ත්‍රික ඉංජිනේරු ව්‍යාපෘති හැසිරවීම.
  • ප්‍රතිඵල විශ්ලේෂණය හා විචාරාත්මක ඇගයීම සමඟ අනුකාරක හරහා නිර්මාණ සැලසුම් කිරීම


 වැඩි විස්තර සඳහා පිවිසෙන්න ඉංජිනේරු පීඨ වෙබ් අඩවියට >>