ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය වර්ණ ප්‍රදාන රාත්‍රිය – 2017

2016, 2017 වර්ෂයන් හී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් ජාතික, අන්තර් විශ්ව විද්‍යාලීය, විශ්ව විද්‍යාලීය මට්ටමේ ක්‍රීඩා ඉසව් සඳහා සහභාගී වු කෙඩෙට් නිළධාරින් හා අනේවාසික උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ කුසලතා හා දක්ෂතාවන් ඇගයීමට ලක් කෙරෙන විශ්ව විද්‍යාලීය වර්ණ ප්‍රදානෝත්සවය විශ්ව විද්‍යාලයේ උප කුලපති රියර් අද්මිරාල් ජගත් රණසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2017 දෙසැම්බර් මස 07 වන දින විශ්ව විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත් වුණි.

පාසල් මට්ටමේ දී විවිධ ක්‍රිඩා ඉසව් වලින් දක්ෂතා දැක් වු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන කාලය තුළදීත් විවිධ ක්‍රීඩාවන්ට යොමු වීම සඳහා මෙම විශ්ව විද්‍යාලය තුළ පහසුකම් සලසා දී ඇත. ඒ තුළින් ඔවුන්ගේ හැකියාවන් හා දක්ෂතාවන් වර්ධනය කිරීමත්, ජාතික හා ජාත්‍යන්තර මට්ටමට ඔවුන් ඔසවා තබා අප දේශයට කීර්තිය හා අභිමානය ගෙන ඒමට දක්ෂතා පිරිපුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් බිහි කිරීමේ දී ඔවුන්ට ධෛර්යය හා ශකිතිය ලබා දීමත් මෙම වර්ණ රාත්‍රිය පැවැත්වීමේ දැක්ම හා අරමුණ වේ.

මෙම වර්ණ රාත්‍රියට විශ්ව විද්‍යාලීය උප කුලපති රියර් අද්මිරාල් ජගත් රණසිංහ මැතිතුමා විශ්ව විද්‍යාලයීය නියෝජ්‍ය උප කුලපති (ආරක්ෂක හා පාලන) මේජර් ජෙනරාල් ඉඳුනිල් රණසිංහ, නියෝජ්‍ය උප කුලපති (අධ්‍යයන) ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයන්ත ආරියරත්න යන මහත්වරුන් ඇතුළු සියලු පීඨාධිපතිවරුන් අධ්‍යයන හා අනධ්‍යයන කර්ය මණ්ඩලය, කෙඩෙට් නිළධාරින් හා අනේවාසික උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුහ.

මෙහිදි පහත සඳහන් ක්‍රිඩාවන් 18 සඳහා දක්ෂතා දැක් වු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 392 දෙනෙකු වෙත වර්ණ ප්‍රදාන සිදු කරන ලදි.

 

ක්‍රීඩා ඉනිම්                            2016 වර්ෂය              2017 වර්ෂය

මළල ක්‍රීඩා                                           15                             12

බැට්මින්ටන් ක්‍රීඩාව                              10                             11

පැසිපන්දු                                             08                             09

බොක්සිං ක්‍රීඩාව                                   02                             03

කරාතේ ක්‍රීඩාව                                    33                             33

දැල්පන්දු                                             07                             08

සවි එසවීම                                           04                             03

රගර් ක්‍රීඩාව                                          12                                –

ඔරුපැදිම ක්‍රීඩාව                                   41                             22

පාපන්දු ක්‍රීඩාව                                     14                             14

පිහිණුම් ක්‍රීඩාව                                     26                             18

ස්කොශ් ක්‍රීඩාව                                     03                             07

අත්පන්දු                                              08                                –

ක්‍රිකට් ක්‍රීඩාව                                        15                             01

මේසපන්දු                                            08                             09

ටෙනිස් ක්‍රීඩාව                                      14                             10

චෙස් ක්‍රීඩාව                                         02                                –

හොකී                                                    –                             10

එකතුව                                              222                           170

 

මෙවර වර්ණ ප්‍රදානෝත්සවයේ දී 2016 වර්ෂයේ දක්ෂතම පිරිමි ශිෂ්‍යභට නිළධාරියා ලෙස කෙඩේට් සාජන් ඩබ්එච්එන් ද සොයිසා  ද 2016 වසරේ දක්ෂතම කාන්තා කෙඩෙට් නිළධාරිනිය ලෙස කෙ‍‍‍‍ඩේට් ලාන්ස් කොප්‍රල් එන් ලින්කා ද 2016 වර්ෂයේ දක්ෂතම පිරිමි පිහිණුම් ක්‍රීඩකයා‍ ලෙස කෙඩේට් කොප්‍රල් එම්ටීඩී විමලරත්න ද 2016 වර්ෂයේ දක්ෂතම පිරිමි පිහිණුම් ක්‍රීඩිකාව ලෙස කෙඩේට් ලාන්ස් කොප්‍රල් කේඑම්කේ රොවෙල් ද 2017 වර්ෂයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කෙඩේට් නිලධාරි ටීඅයියු මෙන්ඩිස් ද 2017 වර්ෂයේ දක්ෂතම පිරිමි පිහිණුම් ක්‍රීඩකයා‍ කෙඩේට් නිලධාරි ඒඩීඑස් නිමලරත්න ද සම්මාන ලබාගන්නා ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *