ජෙනරාල් ශ්‍රීමත් ජෝන් ලයනල් කොතලාවල ශ්‍රීමතාණන්ගේ 37 වන ගුණානුස්මරණය හා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලීය සංවත්සර දිනය

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම සදහා ස්වකීය නිශ්චල හා චංචල දේපල පරිත්‍යාගකර කල පරහිතකාමී ජනනායක දිවංගත ශ්‍රීමත් ජෝන් ලයනල් කොතලාවල ශ්‍රීමතාණන්ගේ 37 වන ගුණානුස්මරණය නිමිත්තෙන් සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පසුගිය ඔක්තොම්බර් මස 13 වන සිකුරාදා දින ආරක්ෂක විශ්වවිද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම ගුණානුස්මරණ පුණ්‍ය උත්සවයට සමගාමීව විශ්වවිද්‍යාලීය දිනයද සමරන ලදී.

ඉතා විචිත්‍රවත් ලෙස සංවිධානය කර තිබු මෙම පිරිත් සජ්ඣායනාව සදහා අලංකාර පෙරහැරකින් සධාතුක කරඬුව, පිරුවානා පොත්වහන්සේ සහ අති ගෞරවණිය මහා සංඝරත්නය පිරිත්මණ්ඩපය කරා වැඩම කරන ලදහ.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයීය උපකුලපති රියර් අද්මිරාල් ජගත් රණසිංහ මැතිතුමා ධාතුන් වහන්සේ පිරිත්මණ්ඩපයේ වඩාහිදුවීමෙන් අනතුරුව, පාද නමස්කාර කරමින්, දැහැත් පිරිනමා පසුදින පහන්වනතුරු පිරිත් සජ්ඣායනය සඳහා අති ගෞරවණිය මහා සංඝරත්නය වෙත ශ්‍රද්ධා බැතියෙන් ආරාධනා කරනු ලැබීය.

පසුදා අති ගෞරවණිය මහා සංඝරත්නය උදෙසා හීල් දානය පිරිනැමීමෙන් අනතුරුව මෙම පුණ්‍ය උත්සවයට නිමාවට පත්විය.

මෙම පිරිත් හා දානමය පුණ්‍ය කර්මය සදහා විශ්වවිද්‍යාලීය කුලපති අද්මිරාල් (විශ්‍රාමික) දයා සදගිරි, උපකුලපති රියර් අද්මිරාල් ජගත් රණසිංහ, නියෝජ්‍ය උපකුලපති (ආරක්ෂක හා පාලන) මේජර් ජෙනරාල් ඉඳුනිල් රණසිංහ, දක්ෂිණ මණ්ඩපාධිපති බ්‍රිගේඩියර් අනුර ආරියසිංහ, නියෝජ්‍ය උපකුලපති (අධ්‍යයන) ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයන්ත ආරියරත්න, ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමාගේ ඥාතීන්, ත්‍රීවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සියලු පීඨාධිපතිවරුන් ඇතුළු සේවා හා සිවිල් අධ්‍යයන හා අනධ්‍යයන කර්යමණ්ඩලය සාමාජිකයෝ, ශිෂ්‍යභට නිලධාරීහු හා අනේවාසික සිසුහු ඇතුළු සම්භාවනීය සහභාගි වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *