ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2017 උපාධි ප්‍රදානෝත්සවය

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2017 වර්ෂයේ උපාධි ප්‍රදානෝත්සවය 2017 දෙසැම්බර් මස 11 සහ 12 යන දෙදින තුළ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දි අති උත්කර්ෂවත් අන්දමින් පැවැත් වූ අතර දෙසැම්බර් මස 12 වන දින පැවති අවසන් සැසියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහභාගි විය.

මෙම උපාධි ප්‍රදානෝත්සවය මැති ඇමතිවරු, ආරක්ෂක ලේකම්, විදේශීය තානාපතිවරු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරු, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ඇතුළු අනෙකුත් විශ්වවිද්‍යාල කුලපතිවරු, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපති, නියෝජ්‍ය උප කුලපති (ආරක්ෂක හා පාලන), නියෝජ්‍ය උප කුලපති (අධ්‍යයන), දක්ෂිණ මණ්ඩපාධිපති, සියළු පීඨාධිපතිවරු ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය, ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා උපාධිධාරින්ගේ දෙමව්පියන් ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

වසර 36 ක් පුරා දේශිය හා ජාත්‍යන්තර තලයේ කීර්තියට පත්වූ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විනයානූකූල පරිසරයක් තුළ තම අධ්‍යයන සිහින යථාර්තයක් බවට පත් කර ගැනීම සඳහා ත්‍රිවිධ හමුදා නිළධාරි නිළධාරිණියන්ට මෙන්ම දැයේ සිවිල් දූ පුතුන්ට ද උසස් අධ්‍යාපනයේ දොරටු විවර කර දෙනු ලබන මහඟු තක්සලාවක් වන අතර 2017 වර්ෂයේ විශ්වවිද්‍යාලයේ පිඨ 09 තුළින් උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් 1063 දෙනෙකු තම දර්ශනපති, පශ්චාත් උපාධි හා උපාධි හිමිකර ගනු ලැබිණි.

මෙම උපාධිලාභින් 1063 දෙනා අතර, දර්ශනපති උපාධිලාභියෙකු ඇතුලු පශ්චාත් උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් 93 දෙනෙකු පශ්චාත් උපාධි පීඨයෙන් තම උපාධි ලබා ගත් අතර, 969 දෙනෙකු තම මූලික උපාධි හිමිකර ගන්නා ලදි.

2017 වර්ෂයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී කෙඩෙට් නිළධාරි පාඨමාලා අංක 30 හි දක්ෂතම යුධ හමුදා නිළධාරියා වශයෙන් දෙව ලුතිතන් ආර්එම්ටීඑල් රත්නායක ද, දක්ෂතම ගුවන් හමුදා නිළධාරියා වශයෙන් නියමු නිළධාරි අයිඒඩීපීඑම් පද්මකුමාර ද, දක්ෂතම නාවික හමුදා නිළධාරි වශයෙන් උප ලුතිතන් අයිඑස් ප්‍රේමරත්න ද, මෙම වර්ෂයේ වැඩිම ලකුණු ලාභියා වශයෙන් අනේවාසික උපාධි අපේක්ෂක එස්එල්ඩී ද සිල්වා ද, අතිශූර නිළධාරියා වශයෙන් උප ලුතිතන් කේකේඑල්එම් දර්ශන ද පිදුම් ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *